Friday, May 3, 2024

General line - 0115112241

යෝජිත විදුලිබල පනතෙන් දේශපාලනඥයින්ටත් පහරක්




යෝජිත විදුලිබල පනත හරහා මෙරට ජල විදුලි බලාගාර විදෙස් සමාගම් වෙත ලබා දීමට ආණ්ඩුව සූදානම් වන බව ලංකා විදුලිබල සේවක සංගමය පවසනවා.

විදුලිබල ප්‍රතිසංස්කරණ සංශෝධිත පනත් කෙටුම්පතට අදාල  ගැසට් පත්‍රය පසුගියදා නිකුත් කරනු ලැබුවා.

එම පනත් කෙටුම්පත ඉදිරි සතිය ඇතුලත පාර්ලිමේන්තු සභා වාරයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ලංකා විදුලිබල සේවක සංගමය ප්‍රධාන ලේකම් රංජන් ජයලාල් දැක්වූයේ මෙවන් අදහසක්.


කෙසේ වෙතත් විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවේ මෙම පනත් කෙටුම්පත සම්මත වීමෙන් අනතුරුව ගැටලු මතු වන්නේ වෘතීය සමිති  නායකයන් කිහිපදෙනෙකුට පමණක් බවයි. 


යෝජිත පනත හරහා දේශපාලන මැදිහත්වීම්ද අවම වී ඇති බව විදුලිබල අමාත්‍ය කංචන විජේසේකර පැවසුවා.