Friday, May 3, 2024

General line - 0115112241

ට්‍රම්ප්ගේ නඩු විභාගයක් අතරතුර පුද්ගලයෙකු ගිනි තබා ගනී




අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහි නඩු විභාගයක් පැවැත්වෙන මෑන්හැටන් උසාවිය ඉදිරිපිටදී පුද්ගලයෙකු සිය සිරුරට ගිනි තබාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා  උසාවියෙන් පිටත උද්‍යානයකදී එලෙස ගිනි තබා ගෙන ඇති බවයි  විදෙස් මාධ්‍ය පැවසුවේ.

ගිනි තබාගෙන ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙක් බවටයි වාර්තා වන්නේ. 

කෙසේ වෙතත් ඔහු එලෙස ගිනිතබා ගෙන ඇත්තේ කුමක් නිසාද යන්න පිළිබඳව තවමත් අනාවරණය වී නැහැ.  

ඔහු මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතල බවටයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.  

ඔහු ගිනි තබා ගැනීමට මොහොතකට පෙර පත්‍රිකා කිහිපයක් ඔසවාගෙන සිටින අයුරු දැක්වෙන දර්ශන කිහිපයක්ද විදෙස් මාධ්‍ය ප්‍රසිද්ධ කර තිබෙනවා.

ඔහු හැසිරී ඇත්තේ හිටපු ජනාධිපතිවරයාට සහය දැක්වීමක් ලෙසද නැතහොත් හිටපු ජනාධිපතිවරයාට විරුද්ධව ද යන්න මෙතෙක් අනාවරණ වී නැහැ.

ව්‍යාපාරික වාර්තා ව්‍යාජ ලෙස සකස් කිරීම සම්බන්ධයෙන් ට්‍රම්ප්ට චෝදනා 34ක් එල්ල වී ඇති අතර ඔහු වරද පිළිගෙන ඇති පසුබිමක් තුළ අදාල පුද්ගලයා එලෙස සිය සිරුරට ගිනි තබාගෙන ඇති බවටයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.