Friday, May 3, 2024

General line - 0115112241

ඉන්දීය මැතිවරණය ගැන අමෙරිකාවෙන් ප්‍රකාශයක්.




අමෙරිකාව ඉන්දියාවේ හවුල්කරුවන් සමඟ සහයෝගීතාව තවදුරටත් තර කිරීමට සහ ශක්තිමත් කිරීමට උනන්දු වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදාන්ත් පටෙල් පවසනවා.

ඔහු මෙම අදහස් පළ කර තිබුනේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

ඉන්දියාවේ ලෝක් සභා මැතිවරණය සහ ඒ සඳහා අමෙරිකාව නිරීක්ෂකයින් යොමු කර ඇත්දැයි මාධ්‍යවේදීන් එහිදී විමසා තිබුණා.

ඊට ප්‍රතිචාර දක්වමින් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වේදාන්ත් පටෙල් පවසා ඇත්තේ 
ඉන්දියාවට එලෙස කිසිදු නිරීක්ෂකයෙකු යවා ඇත්දැයි තමන් නොදන්නා බවයි.

ඉන්දියාව වැනි දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල අමෙරිකාව සාමාන්‍යයෙන් එලෙස සිදු  නොකරන බව ද ඔහු මාධ්‍යවේදීන් වෙත පවසා තිබෙනවා