Saturday, May 4, 2024

General line - 0115112241

අලුත් අවුරුද්දට පොලිසිය සමඟ ගැටුන ආදිවාසීන්




දඹාන ආදිවාසී ක්‍රිකට් කණ්ඩායම හා පොලිස් ක්‍රිකට් කණ්ඩායම් 10ක් අතර පන්දුවාර 05, සය සාමාජික ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වුණා.

එහිදී ආදිවාසී ක්‍රිකට් කණ්ඩායම පරදා එම තරඟය ජයගැනීමට ගිරාදුරුකෝට්ටේ දිවුලපැලැස්ස පොලිස්ථානයේ ක්‍රිකට් කණ්ඩායම සමත්වී තිබෙනවා.

මෙම ක්‍රිකට් තරඟාවලිය පැවැත්වුණේ සිංහල හා දෙමළ  අලුත් අවුරුද්ද වෙනුවෙන් මහියංගණ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයට අනුබද්ධිත අවට පොලිස්ථාන 07ක නිළධාරින් හා  එම පවුල්වල සාමාජිකයන් වෙනුවෙන් පැවැති බක්මහ උළලේදීයි.

මහියංගණ පොලිස් ස්ථානයේදී එය සංවිධාන කර තිබුණා.

මහියංගනය පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් ඩබ්ලිව් සී ආර් වික්‍රමරත්න විසින් සංවිධානය කර තිබු මෙම බක්මහ උළෙල පැවැත්වුණේ ආදිවාසී නායක විශ්ව කීර්ති වනස්පතී ඌරුවරිගයේ වන්නිලා ඇත්තන් හා නාගරික සංවර්ධන හා නිවාස  රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ  ප්‍රධානත්වයෙන්.