Saturday, May 4, 2024

General line - 0115112241

පළමුවරට ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කරයි




තමිල්නාඩු සරණාගත කඳවුරක දිවි ගෙවන ශ්‍රී ලාංකික කාන්තාවක් ඉන්දීය මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කර තිබෙනවා.

එලෙස ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ 38 හැවිරිදි නාලනී කුරුබාකරන් නමැති කාන්තාවක්.

ඉන්දීය මහ මැතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කළ පළමු ශ්‍රී ලාංකික සරණාගත තැනැත්තා ඇය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඇය තමිල්නාඩුවේ සරණාගත කඳවුරක උපත ලබා තිබෙනවා.

1950 වසරේ සිට 1987 දක්වා කාලය තුළ උපත ලැබූ පිරිසට එරට පුරවැසිභාවය ලැබී ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

ශ්‍රී ලංකාවේ සිට සරණාගතයන් ලෙස එරටට ගොස් සිටින ඇයගේ මව්පියන් ඉන්දීය සම්භවයක් ඇති පුද්ගලයින් බව සඳහන්.

ඊයේ ආරම්භවූ ඉන්දීය මහ මැතිවරණය ජූනි මස පළමුවනදා දක්වා අදියර කිහිපයක් යටතේ පැවැත්වෙනවා.