Saturday, May 4, 2024

General line - 0115112241

CIDයට ලබාදුන් ප්‍රකාශ පිළිබඳව සිරිල් ගාමිණී පියතුමන් කතා කරයි




පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ දිනයේ ලබාදුන් ප්‍රකාශ පිළිබඳ සිරිල් ගාමිණී පියතුමන් අද අනාවරණ කළා.

මෙතෙක් හෙලි නොවූ කරුණු 08ක් පිළිබඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුවත් කළ බවයි මාධ්‍ය හමුවකට එක්වෙමින් සිරිල් ගාමිණී පියතුමන් කියා සිටියේ.  


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ සිරිල් ගාමිණී පියතුමන්.


කෙසේවෙතත් පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකෙරෙන පරීක්ෂණ සම්බන්ධයෙන් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මෙලෙස අදහස් පළකළා. 


මේ අතර පාස්කු ප්‍රහාරය සිදුවී හෙට දිනට වසර 05ක් ගතවීම හේතුවෙන් සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කර තිබෙනවා.

කොච්චිකඩේ සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානයේ අද පස්වරු 04ට දිව්‍ය පූජාව පැවැත්වුණා.

එමෙන්ම පස්වරු 05.30ට සාන්ත අන්තෝනි මුනිඳුන්ගේ සිද්ධස්ථානය අසලින් යැදුම් පාගමනක් ඇරඹුණා.

හෙට දිනයේද සැමරුම් වැඩසටහන් ක්‍රියාත්මක බවයි ජාතික කතෝලික ජන සන්නිවේදන අධ්‍යක්ෂ ජූඩ් ක්‍රිෂාන්ත පියතුමන් පැවසුවේ.  

ඒ අනුව හෙට දිනයේ ආරක්ෂාව සම්බන්ධයෙන් අදාළ අංශ දැනුවත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව කියා සිටියා.