Saturday, May 4, 2024

General line - 0115112241

පකිස්තානයේ නිමක් නොමැති ණය.




ඉහල උද්ධමනයේ ප්‍රතිවිපාක පිලිබිඹු කරමින්, ඉහල යන වියදම් පියවා ගැනීම සඳහා පකිස්තානය ආන්ඩුව සතියක් තුළ බැංකු වලින් රුපියල් බිලියන 650 කට වඩා ණය ලබා ගෙන ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.

2023-24 ජූලි 1 සිට අප්‍රේල් 5 දක්වා රජය වාණිජ බැංකුවලින් ලබා ගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 5.5ක වාර්තාගත අගයකට ළඟා වූ බව පාකිස්තාන රාජ්‍ය බැංකුවේ (SBP) දත්ත පෙන්වා දී තිබේ.

මෙය පසුගිය මූල්‍ය වසරේ එම කාලය තුළ රුපියල් බිලියන 2.95 ට සාපේක්ෂවයි.

අප්‍රේල් 13 වැනි දිනට වාර්තා වන පරිදි පසුගිය සතියේ පමණක් වාණිජ බැංකුවලින් රජය ගත් ණය ප්‍රමාණය රුපියල් ට්‍රිලියන 4.842 ක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව සතියක් තුළ රජය රුපියල් ට්‍රිලියන 5.5 ක් දක්වා රුපියල් බිලියන 657ක් ණයට ගෙන ඇතැයි පකිස්තාන මාධ්‍ය වාර්තා කළා.

එම දැවැන්ත ණය ගැනීම ආර්ථිකය මත බර පටවන අතර දේශීය ණය පොලී ගෙවීම හැර වෙනත් ආදායම් වෙන් කිරීම සඳහා ඉඩක් ඉතිරි නොකරන බවයි ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ.

එහි ප්‍රතිපලයක් ලෙස පොලී ගෙවීම් සඳහා සමස්ත අයවැය වියදම්වලින් අඩකට වඩා ගෙවීමට රජයට සිදුවනු ඇති.

පකිස්තාන රජය සාමාන්‍යයෙන් මූල්‍ය වර්ෂයක අවසාන කාර්තුවේ දී ආර්ථික ක්‍රියාකාරිත්වය පිළිබඳ වඩා හොඳ චිත්‍රයක් මවා දීමට බැංකුවලින් විශාල වශයෙන් ණය ලබා ගන්නා බව ද එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා