Saturday, May 4, 2024

General line - 0115112241

07 දෙනෙකුට ජීවිත අහිමි කළ දියතලාවේ මෝටර් රථ ධාවන තරඟයේ අනතුරට හේතුව ගැන අනාවරණයක්




දියතලාව, “ෆොක්ස්හිල් සුපර්ක්‍රොස්” මෝටර් රථ ධාවන තරඟය අතරතුරදී අනතුර සිදුවූයේ සංවිධායක මණ්ඩලයේ සහ තරඟ තීරකවරුන්ගේ වරදින් බව අනතුර සියැසින් දුටු පුද්ගලයකු නෙත් නිවුස් වෙත විශේෂ අනාවරණයක් සිදුකරමින් පැවසුවා.

ඔහු සඳහන් කළේ පළමු මෝටර් රථය ධාවන පථය තුළ අනතුරට ලක්වීමත් සමඟ එම ස්ථානයේ විශාල ලෙස දූවිලි ස්වභාවයක් දක්නට ලැබුනු බවයි.

ඒ සම්බන්ධයෙන් තරඟ තීරකවරු අවධානය යොමු නොකිරීම හේතුවෙන් දෙවන මෝටර් රථයත් ධාවන පථය තුළ අනතුරට ලක්වූ බවද ඔහු කියා සිටියා.

එමෙන්ම අනතුර සිදුවූ අවස්ථාවේදී මෝටර් රථ ධාවකයන්ගේ සහයකයන් තරඟය නතර කරන ලෙස ට්‍රැක් මාෂල්වරුන්ගෙන් ඉල්ලීමක් සිදුකළද ඔවුන් එය ප්‍රතික්ෂේප කළ බවයි එම පුද්ගලයා පැවසුවේ.


අනතුර සියැසින් දුටු එම පුද්ගලයා ඒ සම්බන්ධයෙන් මෙලෙස වැඩිදුරටත් කරුණු දැක්වුවා.


මෙම අනතුරෙන් පුද්ගලයින් 07 දෙනෙකු මියගොස් තවත් 23 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.