Saturday, May 4, 2024

General line - 0115112241

යුධ ගැටුම් හමුවේ ලෝක වෙළඳපොළේ ඉහළ යන ඉන්ධන මිලෙහි බලපෑම ශ්‍රී ලංකාවට අඩුවන ලකුණු




ඊශ්‍රායලය සහ ඉරානය අතර පවතින ගැටුම්කාරී තත්ත්වය හමුවේ මෙරටට ඉන්ධන ආනයනයට සෘජු බලපෑමක් එල්ල නොවුනත් වක්‍රාකාරයෙන් බලපෑමක් එල්ලවීමේ අවදානමක් පවතින බව විද්වතුන් පෙන්වා දෙනවා.

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල පැවසුවේ ඊශ්‍රායලය සහ ඉරානයෙන් ඉන්ධන ලබා ගන්නා රටවල් මත ශ්‍රී ලංකාව රඳා පවතින හෙයින් එවැනි තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතින බවයි. 


ලොව ඉන්ධන මිල ගණන් ඉහළ ගියද රුපියලේ අගය ක්‍රමක්‍රමයෙන් ශක්තිමත් වීම හරහා ශ්‍රී ලංකාවට වන බලපෑම අවම වන බවද මහාචාර්ය වසන්ත අතුකෝරල වැඩිදුරටත් පැවසුවා.