Saturday, May 4, 2024

General line - 0115112241

 ඩොලරයේ අගය පහළ ගියත් අමුද්‍රව්‍ය මිල ගණන් පහළ නොදමා ඇතැයි බේකරි හිමියන්ගෙන් චෝදනා




උත්සව සමයේ කේක් අලෙවිය සියයට 25ක් දක්වා පහළ ගිය බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති එන් කේ ජයවර්ධන පැවසුවේ බිත්තර, මාගරින් ඇතුලු අමුද්‍රව්‍යවල මිල ගණන් ඉහළ යාම හේතුවෙන් කේක් මිලද ඉහළ ගිය බවයි.

එවැනි පසුබිමක් තුළ පසුගිය වසරවලට සාපේක්ෂව කේක් මිලදී ගැනීමට පාරිභෝගිකයන් උනන්දුවක් නොදැක්වූ බවද ඔහු කියා සිටියා. 

ක්‍රමක්‍රමයෙන් රුපියල ශක්තිමත් වීමේ වාසිය බේකරි කර්මාන්තයට මෙතෙක් හිමි වී නොමැති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.