Saturday, May 4, 2024

General line - 0115112241

විජයදාසගේ මන්ත්‍රී ධූරය අවදානමක බව පොහොට්ටුවේ මන්ත්‍රීවරයෙක් කියයි




විජයදාස රාජපක්ෂගේ මන්ත්‍රී ධූරය තහනම් වීමේ අවදානමක් පවතින බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.

එම පක්ෂය කොළඹදී අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පැවසුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පක්ෂ සාමාජිකත්වය ලබා ගැනීම හේතුවෙන් අමාත්‍ය, විජයදාස රාජපක්ෂගේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පක්ෂ සාමාජිකත්වය තහනම් වීම හරහා එවැනි තත්ත්වයක් උද්ගත වනු ඇති බවයි.


මේ අතර, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය සම්බන්ධයෙන් පිවිතුරු හෙළ උරුමයද අද කැඳවූ මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් පළ කළා.

මේ ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල.


කෙසේවෙතත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා ලෙස තෝරා පත් කර ගත් අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්ෂගේ නම සහ විධායක සභාව ගත් තීරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දීමට තීරණය කර තිබෙනවා.

ඒ, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පාර්ශවය විසින්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ රැස්වීමක් ඊයේ පැවැත්වුණා.

ඇතුළුකෝට්ටේ ප්‍රදේශයේ හෝටලයක පැවති එම රැස්වීමට අමාත්‍ය විජයදාස රාජපක්ෂද එක්ව සිටියා. 

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ අමාත්‍යවරයා එම රැස්වීමේදී පත් කර ගැණුනා.

එහිදී අදහස් පළ කළ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පැවසුවේ සියලු දෙනා එක්ව කටයුතු කළ හොත් පක්ෂය පමණක් නොව රටද ගොඩනැගිය හැකි බවයි.


කෙසේවෙතත් වැඩලබන සභාපතිවරයා ලෙස අමාත්‍ය විජයදාස රාජපක්ෂ පත් කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙක් නැඟූ ප්‍රශ්නයකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක දැක්වූයේ මෙවන් අදහසක්.