Saturday, May 4, 2024

General line - 0115112241

යුධ ගැටුම් මැද ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානීයා ඉල්ලා අස්වෙයි




ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජෙනරාල් අහරොන් හලීවා ඉල්ලා අස් වී තිබෙනවා.

ඒ පසුගිය ඔක්තෝබර් 7 වන දින හමාස් සංවිධානය විසින් ඊශ්‍රායලයට එල්ල කළ විනාශකාරී ප්‍රහාරයට ඉඩ දුන් අසාර්ථකත්වයේ වගකීම භාර ගැනීමෙන් පසුව බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

කෙසේවෙතත් ඊශ්‍රායල ඉතිහාසයේ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ඉවත් වූ පළමු ජ්‍යේෂ්ඨ ආරක්ෂක නිලධාරියා ඔහු වනවා.

ඔහු වසර 38ක සේවා කාලයක් හෙබි දක්ෂ හමුදා සෙබලෙකු බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේ අනුප්‍රාප්තිකයා තෝරා ගැනීමෙන් පසු ඔහු විශ්‍රාම යනු ඇති බවයි.

එමෙන්ම දත්ත විශ්ලේෂණයට අනුව ඊශ්‍රායල ජාතිකයන් සහ විදේශිකයින් 1,200ක් පමණ මිය ගොස් ඇති අතර තවත් 253 දෙනෙකු ප්‍රාණ ඇපකරුවන් ලෙස ගාසා තීරයට ගෙන ගොස් තිබෙනවා.