Saturday, May 4, 2024

General line - 0115112241

වියළි කාලගුණය නිසා ඉහළ කොත්මලේ ජල ධාරිතාව පහළට

රංජිත් රාජපක්ෂ




ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවලට මේ දිනවල පවතින අධික වියළි කාලගුණයත් සමග සෙන් ක්ලෙයාර් සහ ඩොවොන් දිය ඇලිවල ජල ධාරිතාව පහළ ගොස් තිබෙනවා.

මේ හේතුවෙන් දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණයක් ඇති එම දිය ඇලිවල පහළට ඇද හැලෙන ජල ධාරිතාව අඩුවීමත් සමග එහි සුන්දරත්වයටද බලපැමක් එල්ල වී ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

මේ අතර ඉහළ කොත්මලේ ජල පෝෂක ප්‍රදේශවල පවතින අධික වියළි කාලගුණය හේතුවෙන් ඉහළ කොත්මලේ ජලාශයේ ද ජල මට්ටම පහළ ගොස් ඇති බවයි ජලාශ භාර ඉංජිනේරුවරුන් පැවසුවේ.