Friday, May 3, 2024

General line - 0115112241

අනුරගේ දිනවලට සජිත්ගෙන් කොන්දේසි




ජාතික ජනබලවේගය ලබාදී ඇති දින අනුව එළඹෙන මැයි මාසයේදී විවාදයකට සමගි ජනබලවේගය සූදානම් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර විවාදයක් සඳහා දින යෝජනා කරමින් ජාතික ජනබලවේගය, සමගි ජනබලවේගය වෙත යොමුකර තිබූ ලිපියට ප්‍රතිචාර දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියා.

කෙසේවෙතත් නායකයින් දෙපල අතර විවාදයට අමතරව පක්ෂ දෙකෙහි ආර්ථික කමිටු අතර විවාදයද පැවැත්විය යුතු බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  


හම්බන්තොට, වීරකැටිය ඕකන්ද මහා විද්‍යාලයට සුහුරු පන්ති කාමරයක් ලබාදීමේ අවස්ථාවට අද එක්වෙමින් විපක්ෂ නායකවරයා මෙම අදහස් පළකළා. එහිදී ඔහු වැඩිදුරටත් අදහස් දැක්වූයේ මෙලෙසයි.


ජාතික ජනබලවේගය, සමගි ජනබලවේගයට යොමුකළ ලිපිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාරද අදහස් පළකළා.