IPL තරඟාවලියේ සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායම සමඟ පැවැති තරඟය ලකුණු 35කින් ජය ගැනීමට රෝයල් චැලේන්ජර්ස් බැංග්ලෝර් කණ්ඩායම ඊයේ රාත්‍රියේ සමත් වුණා.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් රෝයල් චැලේන්ජර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් පමණක් දැවී ලකුණු 206ක් රැස්කළා.
විරාත් කෝලි පන්දු 43කදී ලකුණු 43යි.
විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ රාජත් මනෝහර් පන්දු 20කදී ලකුණු 50ක් රැස්කළා. ඔහුගේ ඉනිමට හයේ පහර 05ක් සහ හතරේ පහර 02ක් ඇතුළත්.
ජයග්‍රාහී ලකුණු 207ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි සන්රයිසස් හයිඩ්‍රාබාද් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 08ක් දැවී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 171ක් පමණයි.
ෂබාස් අහමඩ් ලකුණු 40ක් රැස්කළා.
පන්දු යැවීමේදී ස්වප්නිල් සිං, කරන් ශර්මා, කැමරන් ඩොනල්ඩ් ග්‍රීන් කඩුළු 02 බැගින් දවාගනු ලැබුවා.