Tuesday, May 7, 2024

General line - 0115112241

රක්ෂිත බන්ධනාගාර ගතකළ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප නියෝගය කල්යයි

උදය කුමාර 




රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍ය සැපයීම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායකගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 30 වනදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියම කළා.

මෙම ඉල්ලීමට අදාළ නියෝගය අද දින ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා. එහෙත් එම නියෝගය ප්‍රකාශ කිරීම ලබන 30 වනදා සිදුකරන බවත් අභියාචනාධිකරණ විනිසුරු ඩී. එන්. සමරකෝන් නියෝග කළා.

වෛද්‍ය සැපයීම අංශයේ අධ්‍යක්ෂ වෛද්‍ය කපිල වික්‍රමනායක ඇතුළු පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතව පසුවන්නේ මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රමිතියෙන් තොරව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධියට අදාළවයි.