Saturday, May 11, 2024

General line - 0115112241

පළාත් පාලන ආයතන සේවකයන්ගේ පත්වීම් ස්ථිර කළ හැකිද? - මැතිවරණ නිරීක්ෂණ සංවිධානයකින් උත්තර




පළාත් පාලන ඡන්ද විමසීම මේ වන විටත් තාක්ෂණික වශයෙන් ක්‍රියාත්මකව ඇති බැවින් එම ආයතනවලට අදාළව පත්වීම්, උසස් කිරීම්, ස්ථාන මාරු කිරීම් සිදුකිරීමට ආණ්ඩුවට නොහැකි බව පැෆරල් සංවිධානය පවසනවා.

පළාත් පාලන ආයතනවල සේවකයින් 8,400 දෙනෙකුට ස්ථිර පත්වීම් ලබාදීම පිළිබඳව පසුගියදා පැවති ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදී අවධානය යොමුවී තිබෙනවා.

ඒ අනුව අදාළ සේවකයන්ට කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට අපේක්ෂා කරන බවයි රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර එම රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේ කියා සිටියේ. 


මේ ඊට ප්‍රතිචාර දැක්වූ පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි.


ජනාධිපතිවරණය පිළිබඳ මේ වන විටත් රජය චක්‍ර ලේඛන පවා නිකුත් කර තිබෙන මොහොතක රාජ්‍ය මුදල් භාවිතා කර මැතිවරණ ඉල්ලක කරගනිමින් විවිධ උත්සව පැවැත්වීම නීති විරෝධී බවයි පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි වැඩිදුරටත් පැවසුවේ.