ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේග යන පක්ෂ දෙක එකට එක්ව තරඟ කිරීමේ හැකියාවක් පවතින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසනවා.
පක්ෂ දෙක අතර සිටින මන්ත්‍රීවරුන්ගේ ප්‍රකාශයන් තුළින් එය වඩාත් තහවුරු කරගත හැකි බවයි ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැති ලාංකික ජන හමුකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසුවේ.
සෑම කෙනෙකුටම සාධාරණ නීතියක් ඉටුවිය හැකි රජයක් ගොඩනැගි හැක්කේ ජාතික ජන බලවේගයට පමණක් බවයි එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක සඳහන් කළේ.