Saturday, May 11, 2024

General line - 0115112241

යුක්තිය මෙහෙයුමෙන් පැය 24ක් තුළදී කෝටි 40ක මත්ද්‍රව්‍ය පොලිස් අත්අඩංගුවට




මත්ද්‍රව්‍ය ජාවාරමෙන් යම් පුද්ගලයකු හෝ යම් කණ්ඩායමක් විශාල වත්කමක් උපයාගෙන ඇති බව තහවුරු කරගතහොත් ඒ සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදුකර නීතිය ක්‍රියාත්මක කරමින් එම උපයාගත් වත්කම් රාජසන්තක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පවසනවා.

නීති විරෝධී ලෙස මුදල් උපයාගෙන සිටින පුද්ගලයන් සම්බන්ධයෙන් නීති වීරෝධී වත්කම් හා විමර්ශන කොට්ඨසය සහ සියලුම පොලිස් ස්ථානවලින් මේ වන විටත් පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව වැඩිදුරටත් සඳහන් කළේ.   


මේ අතර යුක්තිය මෙහෙයුම යටතේ පොලිසිය විසින් දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී පැය 24ක් තුළ කෝටි 40කට ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව පැවසුවේ.