Monday, May 13, 2024

General line - 0115112241

පුද්ගලයෙකු නිසා සිඩ්නි ගුවන් තොටුපළ උණුසුම් වෙයි




සිඩ්නි ගුවන් තොටුපළේ උණුසුම්කාරී තත්ත්වයක් හට ගෙන තිබෙනවා.

ඒ සිඩ්නි ගුවන් තොටුපළේ ආරක්ෂාව කඩ කරමින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබූ ගුවන් යානයක භාණ්ඩ රැගෙන යන කොටසට පුද්ගලයෙකු පිවිසීම හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

ගුවන්තොටුපළේ ප්‍රධාන පරීක්‍ෂණ ප්‍රදේශය හරහා පුද්ගලයෙකු දිව ගිය බව කියමින් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් මොහු අත්අඩංගුවට ගත බවයි විදෙස් මාධ්‍ය පවසා ඇත්තේ.

මොහු 30 හැවිරිදි පුද්ගලයෙක් බවට සඳහන්. සැකකරුව අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුව ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා.

ඒ අනුව සිදුකළ විමර්ශනවලට අනුව  ඔහු මානසික ආබාධයකින් පෙළෙන අයෙකු බවයි පොලීසිය සැකපළකරන්නේ.

කෙසේ වෙතත් මේ පිළිබඳව අදාළ පුද්ගලයා භාණ්ඩ රැගෙන යන කොටසට ඇතුළුවන ආකාරය සහ පොලිසිය විසින් ඔහුව ඉවතට ගන්නා අකාරයේ දර්ශන විදෙස් මාධ්‍ය අනාවරණය කර ඇති බවට සඳහන්.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහුට වෙනත් අපරාධයක් සම්බන්ධයෙන් කිසිදු චෝදනාවක් නොමැති බවයි