Sunday, May 12, 2024

General line - 0115112241

“කිත්සිරි මේලා”  බක් මහ උළෙල ත්‍යාග ප්‍රදානයට ජනපති එක් වෙයි 




එක්සත් ජාතික පක්ෂ මැද කොළඹ සංවිධායක කිත්සිරි රාජපක්ෂ සමඟ මරදාන - සුදුවැල්ල ක්‍රීඩා සමාජය 28 වන වරටත් සංවිධානය කළ  “කිත්සිරි මේලා” බක් මහ උළෙල ඊයේ (27) දිනය පුරා ඩීන්ස් පාර මංසන්ධියේ දී පැවැත්වුනා.

එහි ත්‍යාග ප්‍රදානෝත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේ සිදුකෙරුණු අතර පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් අවුරුදු කුමරියන්ට ත්‍යාග ප්‍රදානය සහ කිරුළු පැළඳවීම ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. 

සමස්ත ලංකා අයෝමය ශූරයා තරග ඉසව්වේ පළමු, දෙවන සහ තෙවන ස්ථාන දිනාගත් ජයග්‍රාහකයන්ට සහ පාපැදි ශූරයන්ට ත්‍යාග සහ සහතික පත් පිරිනැමුණේද ජනාධිපතිවරයා අතින් 

කිත්සිරි රාජපක්ෂ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ද සමරු තිළිණයක් පිළිගැන්විය.

සුදුවැල්ල මුස්ලිම් සුබසාධක සංගමය සහ අල් මදරසතුල් ජලාලියා කමිටුවේ සාමාජිකයන් විසින් කිත්සිරි රාජපක්ෂ වෙනුවෙන් පිරිනමන ලද විශේෂ උපහාර තිළිණය පිළිගැන්වීම ද ජනාධිපතිවරයා අතින් සිදු විය.