Monday, May 13, 2024

General line - 0115112241

EPF ගැන රජය හදිසියේ ගත් විශේෂ තීරණය




සේවක අර්ථ සාධක අරමුදලේ ඉතුරුම් මුදල් සඳහා සියයට 09ක්ව පැවැති පොලී අනුපාතය 2023 වර්ෂයට අදාළව සියයට 13ක් දක්වා වැඩිකිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඔහු මේ බව පවසා සිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථ සාධක මුදල් ආයෝජනය කර උපයාගත් මුදලෙන් මෙම මුදල ගෙවීමට කටයුතු කරන බවත් ලක්ෂ 27 ක්වූ සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් සඳහා මෙම ප්‍රතිලාභ හිමිවන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.