Monday, May 13, 2024

General line - 0115112241

ජනාධිපති කාර්යාලයේ නම අවභාවිතා කරමින් මුදල් උපයන පුද්ගලයන් ගැන ජනාධිපති මාධ්‍ය අංශයෙන් දැනුම් දීමක්




ජනාධිපති කාර්යාලයේ තනතුරු දරන බවට සඳහන් කරමින් ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර ආයෝජකයින්, රැකියා අපේක්ෂිත තරුණ පිරිස් සහ විවිධ රටවලට වීසා බලපත්‍ර ලබාගැනීමට අපේක්ෂා කරන පුද්ගලයින් රවටා මුදල් ලබාගැනීමේ සිදුවීම් වාර්තාවී තිබෙන බව ජනාධිපති මාධය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

මෙවැනි වංචනිකයින්ගෙන් ප්‍රවේසම් වන ලෙස ජනාධිපති කාර්යාලය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

එවැනි පුද්ගලයින් පිළිබඳ සැකයක් ඇති වුවහොත් 071 530 8032 යන දුරකථන අංකය අමතා ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ප්‍රසාද් සෙනරත් සම්බන්ධ කරගනිමින් තොරතුරු ලබාදී එහි අනන්‍යතාව තහවුරු කර ගන්නා ලෙසත් ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.