Monday, May 13, 2024

General line - 0115112241

වෙනත් රටක පදිංචියට යාම සම්බන්ධයෙන් හිටපු ජනපති මෛත්‍රීගෙන් නිවේදනයක්




තමන් දකුණු කොරියාවේ පදිංචියට යන බවට පළවන වාර්තා අසත්‍ය බව හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රීපාල සිරිසේන මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

ඔහු පෙන්වා දෙන්නේ තමන්ට දකුණු කොරියාවේ හෝ ලෝකයේ කිසිදු රටක පදිංචියට යාමට අවශ්‍යතාවක් නොමැති බවයි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙන්වා දෙන්නේ දේශපාලන ප්‍රතිවාදීන් විසින් ගෙනයන මෙවැනි ආකාරයේ අසත්‍ය ප්‍රචාර තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

අධිකරණයෙන් වාරණ නියෝගයක් පවතින බැවින් පක්ෂයේ නියෝජිතයින් විසින් ගම්පහ නගර සභා භූමියේදී ලෝක කම්කරු දිනය සාර්ථකව පැවැත්වීමට සියලු කටයුතු මේ වන විටත් සංවිධානය කර ඇති බවද මෛත්‍රීපාල සිරිසේන මහතා සිය නිවේදනය මගින් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.