සේවක අර්ථ සාධක අරමුදලේ ඉතුරුම් මුදල් සඳහා සියයට 09ක්ව පැවැති පොලී අනුපාතය 2023 වර්ෂයට අදාළව සියයට 13ක් දක්වා වැඩිකිරීමට තීරණය කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.
දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සේවක අර්ථ සාධක මුදල් ආයෝජනය කර උපයාගත් මුදලෙන් මෙම මුදල ගෙවීමට කටයුතු කරන බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය වැඩිදුරටත් සඳහන් කළේ.
සේවක අර්ථ සාධක මුදලේ සාමාජිකයන්ට එම මුදල් බෙදී යන ආකාරය පිළිබඳවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය තවදුරටත් පැහැදිළි කළා.