Wednesday, May 15, 2024

General line - 0115112241

කම්කරු නාමයද වෙනස් කරමින් වැඩ කරන ජනතාව වෙනුවෙන් නව පනතක් ළඟදීම




කම්කරු නාමයද වෙනස් කරමින් වැඩ කරන ජනතාව වෙනුවෙන් “රැකී රක්ෂා පනත” ලෙස නව පනත් කෙටුම්පතක් ළඟදීම ගෙනඑන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

ඒ අනුව ස්මාර්ට් ශ්‍රමිකයෙක් බිහිකිරීම සඳහා එම පනත් කෙටුම්පත ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි අමාත්‍යවරයා පැවසුවේ.


එක්සත් ජාතික පක්ෂය මෙවර සංවිධානය කරන මැයි දින රැලිය සම්බන්ධයෙන්ද අමාත්‍ය මනූෂ නානායක්කාර අදහස් පළකළා.