ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් ආර්ථික සංවර්ධන නිලධාරින් අද ලෙඩ නිවාඩු වාර්තා කර එක්දින වැඩ වර්ජන ක්‍රියාමාර්ගයක නිරත වන බව සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් වසන්ත ලංකාතිලක පැවසුවේ සිය ගැටලුවලට රජයෙන් නිසි විසඳුමක් ලබා නොදුනහොත් රජය සිදුකරන සංවර්ධන වැඩසටහන්වලින් මැයි පළමුවනදා සිට ඉවත් වන බවයි.
අද දිනයේ සිය සාමාජිකයින් කිසිදු රාජකාරී කටයුත්තක නිරත නොවන බවද සමස්ත ලංකා ආර්ථික සංවර්ධන නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවා