Wednesday, May 15, 2024

General line - 0115112241

සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යයට සරයු නදියේ පූජනීය ජලය මෙරටට




සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය සඳහා ඉන්දියාවේ සරයු ගංගාවේ පූජනීය ජලය ශ්‍රී ලංකාව ට එවීමට කටයුතු කරමින් සිටින බව ඉන්දීය විදෙස් මාධ්‍ය වාර්තා  කරනවා.

ආගමික වතාවත් සඳහා සරයු ගංගා ජලය සහ සීතා දේවියගේ පිළිමය කැප කරන ලෙස ඉල්ලා ශ්‍රී ලංකා නියෝජිතයන් උත්තර් ප්‍රදේශ් හි රජයට ලිපියක් යොමු කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වෙන්නේ.

උත්තර් ප්‍රදේශ් හි ප්‍රාන්ත රජයේ නියෝගය යටතේ සරයු ගංගාවේ ශුද්ධ ජලය ශ්‍රී ලංකාව වෙත ප්‍රවාහනය කිරීමේ වගකීම  සංචාරක දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා. 

සීතා අම්මාන් කෝවිලේ අභිෂේක මංගල්‍යය එලඹෙන මැයි 19 වන දින සිදු කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මෙම තීරණය මගින් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආගමික හා සංස්කෘතික හුවමාරු සඳහා පහසුකම් සැලසීමට ඉන්දීය රජය දක්වන කැපවීම පෙන්නුම් කරන බවද එරට මාධ්‍ය වාර්තා කරන්නේ.