Wednesday, May 15, 2024

General line - 0115112241

කෙහෙල්බැද්දර පද්මෙ ඩුබායිහිදී අත්අඩංගුවට




ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු වන කෙහෙල්බැද්දර පද්මෙ සහ ඔහුගේ සමීපතමයන් තිදෙනෙකු ඩුබායිහීදි අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වනවා. 

ඒ, එරට පොලිසිය විසින්. කෙහෙල්බැද්දර පද්මේ සමඟ අත්අඩංගුවට ගෙන ඇත්තේ දාගොන්නේ අවිස්ක නොහොත් කිරිපුතා, ජම්බුගස්මුල්ලේ බබී සහ ගීත්මාල් යන තිදෙනා බවයි වාර්තා වන්නේ. 

ජාත්‍යන්තර පොලිසිය විසින් රතු නිවේදන නිකුත් කර ඇති පාතාල නායකයින් ගණන 43ක් වනවා. 

එම ලැයිස්තුවට කෙහෙල්බැද්දර පද්මේ, ජම්බුගස්මුල්ලේ බබී නැමති අයගේ නම්ද ඇතුළත් බවයි වාර්තා වන්නේ.

කෙහෙල්බැද්දර පද්මේ ඩුබායි සිට මෙරට මනුෂ්‍ය ඝාතන සහ කප්පම් ගැනීමේ සිද්ධීන් මෙහෙයවනු ලබන බවටයි ආරක්ෂක අංශ අනාවරණ කරගෙන තිබුණේ.

ඔවුන් සමඟ සමීප සබඳතා පැවැත්වූ ශ්‍රී ලංකිකයන් 12 දෙනෙකු ඩුබායි පොලිසිය විසින් මීට පෙර අත්අඩංගුවට ගෙන තිබෙනවා. 

කෙසේවෙතත් සිදුකළ විමර්ශන කටයුතුවලින් අනතුරුව ඔවුන් එරට පොලිසිය විසින් මුදාහැර ඇතැයිද වාර්තා වුණා.