Wednesday, May 15, 2024

General line - 0115112241

අධි තාක්ෂණික යන්ත්‍ර යොදාගනිමින් නිවසක් තුළ නිධන් හෑරූ දෙදෙනෙකු එස් ටී එෆ් අත්අඩංගුවට




පොළොන්නරුව, උණගලාවෙහෙර ප්‍රදේශයේ නිවසක් තුල නිධන් වස්තු සොයා කැණීම් සිදුකරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, එම බලකායේ අරලගංවිල කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමකදියි.

අධි තාක්ෂණික ස්කෑන් යන්ත්‍රයක් යොදා ගනිමින් එම පුද්ගලයින් දෙදෙනා නිධන් වස්තු සොයා කැණීම් කරමින් සිටි බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ.

එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ උණගලාවෙහෙර සහ හැදලවත්ත ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙක්.

ඔවුන් වැඩිදුර විමර්ශන සදහා පොළොන්නරුව පොලිස් ස්ථානය වෙත භාරදුන් බවද පොලිස් විශේෂ කාර්ය බලකාය වැඩිදුරටත් පැවසුවා.