Thursday, May 16, 2024

General line - 0115112241

අමෙරිකාවේ සුළි කුණාටු තත්ත්වයක්




අමෙරිකාවට බලපා ඇති සුළි කුණාටු තත්ත්වයක් හේතුවෙන් මේ වනවිට පුද්ගලයින් 05 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය පැවසුවේ මියගිය පිරිස අතර මාස 04ක බිලිදෙකුද සිටින බවයි.

තුවාල ලැබූ පිරිස 100ක් පමණ වන බව එරට සෞඛ්‍ය අංශ අනාවරණය කරනවා.

පවතින තත්ත්වය හමුවේ ප්‍රදේශ රැසකට හදිසි තත්ත්වයක්ද ප්‍රකාශ කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ. 

සුළි කුණාටුවෙන් ඔක්ලහෝමා ප්‍රාන්තයට වැඩිම බලපෑමක් එල්ලවී ඇතැයි සඳහන්.

සුළි කුණාටු තත්ත්වයත් සමඟ ඇතැම් ප්‍රදේශවලට ගංවතුර තත්ත්වයක්ද හටගෙන තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශ රැසක විදුලිය විසන්ධි කර ඇති බවයි විදෙස් මාධ්‍ය පැවසුවේ.

සිය ධූර කාලය තුළ සිදුවූ දරුණුතම විනාශය මෙය බව ඔක්ලහෝමා ආණ්ඩුකාවරයා මාධ්‍ය හමුවේ ප්‍රකාශකර තිබෙනවා.