Wednesday, May 15, 2024

General line - 0115112241

ශ්‍රී ලංකාවට රැගෙනමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් ඉන්දීය ආරක්ෂක අංශ භාරයට

දිනසේන රතුගමගෙ




මෙරටට ප්‍රවාහනය කරමින් තිබූ මත්ද්‍රව්‍ය තොගයක් රැගත් යාත්‍රාවක් ඉන්දීය වෙළර ආරක්ෂක බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම යාත්‍රාවේ තිබී රුපියල් කොටි 600ක වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එම මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝ ග්‍රෑම් 86ක් පමණ වනවා.

“අල් රාසා” නැමති එම යාත්‍රාව පකිස්තානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ බවයි ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය පවසන්නේ.

එහි සිටි පුද්ගලයින් 14 දෙනාද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බලුකිස්තානායේ පදිංචිකරුවන් බවට අනාවරණවී තිබෙනවා.

සැකකරුවන් එම මත්ද්‍රව්‍ය තොගය සමඟ ගුජරාටයේ පොර්බන්ඩර් වෙත රැගෙනවිත් තිබෙන බවද ඉන්දීය වෙරළ ආරක්ෂක බලකාය වැඩිදුරටත් සඳහන් කළා.