Wednesday, May 15, 2024

General line - 0115112241

සජබයේ දැන් සිටින පිරිස ගැන මනුෂ හෙළිකරයි




සමගි ජන බලවේගයේ පාක්ෂිකයන් බහුතරයක් මේවන විටත් එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වී අවසන් බව අමාත්‍ය මනූෂ නානායක්කාර පවසනවා.

ස්විඩනයේ සංචාරයක නිරත ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එරට පැවති ජන හමුවකට එක්වෙමින් සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.

එම ජන හමුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පැවසුවේ ඉදිරි ජනාධිපතිවරණයේදී එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එක්ව ජනාධිපතිවරණයට තරඟ කරනු ඇති බවයි.

මේ ඊට ප්‍රතිචාර දැක්වූ අමාත්‍ය මනූෂ නානායක්කාර.


සමගි ජන බලවේගයේ වත්තමන් තත්ත්වය සම්බන්ධයෙන්ද අමාත්‍ය මනුෂ නානායක්කාර අදහස් පළකළා.