Wednesday, May 15, 2024

General line - 0115112241

දඹුල්ලේ එළවළු තොග ලැබුනද වෙළෙන්දන්ගේ පැමිණීමේ අඩුවක්

කාංචන ආරියදාස




දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානට මෙම දිනවල වැඩි වශයෙන් එළවළු තොග ලැබුනද ඒවා මිලදී  ගැනීම සඳහා පිටස්තර වෙළෙන්දන්ගේ පැමිණීම අඩුවී තිබෙනවා.

මේ හේතුවෙන් එළවළු තොග මිල ගණන්ද පහළ ගොස් ඇති බවයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ ක්ෂේත්‍ර චාරිකාවක නිරතවූ නෙත් නිවුස් වාර්තාකරු කාංචන කුමාර පැවසුවේ.  


එළවළු මිල පහළ යාම සම්බන්ධයෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළඳුන් කිහිපදෙනෙකුද නෙත් නිවුස් වෙත මෙලෙස අදහස් පළකළා.


කෙසේවෙතත් එළවළු තොග මිල පහත වැටුනද දෙහි  සහ අමු  ඉඟුරු කිලෝවක තොග මිල ගණන් ඉහළ ගොස් ඇතැයි ව්‍යාපාරිකයන් පවසනවා.

ඒ අනුව දඹුල්ල ආර්ථික  මධ්‍යස්ථානයේ දෙහි කිලෝවක් රුපියල් 1000ත් 1200ත්  දක්වා මිලකටත් අමු ඉගුරු කිලෝවක් රුපියල්  3000ත්  3200ත්  අතර ඉහළ මිලකටත් අලෙවි වන බවයි ඔවුන් වැඩිදුරටත් පැවසුවේ.