Thursday, May 16, 2024

General line - 0115112241

අධ්‍යාපනඥයන් පිරිසක් සංකේත වැඩ වර්ජනයක




ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සමස්ත ලංකා ගුරු අධ්‍යාපනඥ සේවා නිලධාරින්ගේ සංගමය සංකේත වැඩ වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. 

එම සංගමය පැවසුවේ වැටුපට අමතරව වෙනත් දීමනා කිසිවක් සිය සාමාජිකයන්ට නොලැබෙන බවයි. 

ඒ අනුව වැටුප් විෂමතා ගැටළුවට විසඳුම් ඉල්ලා අද සහ හෙට මෙලෙස සංකේත වැඩ වර්ජනයේ නිරත වන බව එම සංගමය පැවසුවා. 

මේ හේතුවෙන් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ, රජයේ ගුරු විදුහල්වල සහ ගුරු වෘත්තීය මධ්‍යස්ථානවල පීඨාධිපතිවරුන් මෙන්ම අනෙකුත් සියලු ගුරු අධ්‍යාපනඥයින් සංකේත වැඩ වර්ජනයේ නිරත වනවා.