Wednesday, May 15, 2024

General line - 0115112241

පකිස්තානයේ අන්තර්ජාල සේවා බිඳ වැටේ




පකිස්තානය පුරා අන්තර්ජාල පහසුමක් බිඳ වැටීමක් පිළිබඳ වාර්තා වේ.

ඒ හමුවේ පරිශීලකයින්ට දැඩි අපහසුතාවට පත්වූ බව පකිස්තාන මාධ්‍ය වාර්තා කරයි.

මුහුද යටින් දිවෙන කේබල් පද්ධතියේ දෝෂයක් පකිස්ථානය පුරා අන්තර්ජාල බාධා ඇති කිරීමට හේතු වූ බව ද සඳහන්.

සිංගප්පූරුව, පකිස්තානය සහ යුරෝපය සම්බන්ධ කරන ෆයිබර් ඔප්ටික් කේබලය ස්ථාන කිහිපයකින් හානි වී ඇති බව සොයාගෙන ඇත.

ෆයිබර් ඔප්ටික් සබ්මැරීන් කේබලයේ ස්ථාන  පහකට හානි සිදුවීම එම තත්ත්වයට හේතුවී ඇතැයි සමීප මූලාශ්‍ර අනාවරණ කර ගෙන ඇත.

ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේදී ෆයිබර් ඔප්ටික් කේබලය සම්පූර්ණයෙන්ම එහි මුල් තත්වයට ගෙන ඒමට ආසන්න වශයෙන් මාසයක් ගතවනු ඇතැයි පුරෝකථනය කර තිබේ