Wednesday, May 15, 2024

General line - 0115112241

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෙකුට එරෙහිව උද්ඝෝෂණයක්




පාතාල සාමාජිකයන් අතින් මියගිය පිරිසකගේ දෙමාපියන් සහ සමාජ ක්‍රියාකාරීන් පිරිසක් කොළඹ කොටුව ස්ථානය ඉදිරිපිටදී අද විරෝධතාවක නිරත වුණා.

ඒ,  දුම්රිය දෙපාර්තමේන්තුවේ  සේවකයෙකු ලෙස සේවය කරන, සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරකීමේ කමිටුවේ ප්‍රධාන ලේකම්වරයාට එරෙහිවයි.

අදාළ ප්‍රධාන ලේකම්වරයා දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කරමින් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන අයුරින් ක්‍රියා කරන බවට උද්ඝෝෂකයින් චෝදනා කළා.

පාතාලය සහ මත්ද්‍රව්‍ය ජාලය තුරන් කිරීම සඳහා පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු ආරක්ෂක අංශ ගෙනයන වැඩපිළිවෙලට සහය දක්වන බවද එම උද්ඝෝෂකයින් එහිදී කියා සිටියා.