එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි දැනුම්දී තිබෙනවා.
ඒ අනුව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා හෙට පෙරවරුවේ පැමිණෙන ලෙසයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මන්ත්‍රීවරයාට දැනුම්දී ඇත්තේ.
ඒ, රත්නපුර ප්‍රදේශයේ පැවැති පක්ෂ රැස්වීමකදී සිදුකර ඇතැයි කියන කතාවකට අදාළව ප්‍රකාශයක් ලබාගැනීම සඳහායි.