Friday, May 17, 2024

General line - 0115112241

රට ඉදිරියට ගෙනයා හැකි නායකයා ගැන අනාවරණයක්




රට ඉදිරියට ගෙනයා හැක්කේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් බව ජනතාව තේරුම්ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ පවසනවා.

පරිණත, අත්දැකීම් බහුල, රටට වැඩකළ හැකි නායකයා වන්නේද රනිල් වික්‍රමසිංහ මහතා බවයි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ.


කෙසේවෙතත් එක්සත් ජාතික පාක්ෂිකයන් සිටින්නේ සමගි ජන බලවේගය සමඟ බව එම පක්ෂය අද කැඳවූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පැවසුවා. 


මේ අතර ඉදිරි ජනාධිපතිවරණයේ සිය ප්‍රතිවාදී අපේක්ෂකයා සොයා ගැනීමට නොහැකි බවයි ජනහමුවකට එක්වෙමින් ජාතික ජන බලවේගයේ විධායක සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න කියා සිටියේ.