පිටකොටුව, කුමාර වීදියේ පිහිටි ඕලන්ද කෞතුකාගාරයේ වහළයේ කොටසක් කඩාවැටී තිබෙනවා.
මෙම දිනවල එම කෞතුකාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවන බවයි එහි ප්‍රකාශකයෙකු නෙත් නිවුස් කළ විමසීමකදී කියා සිටියේ.
මේ හේතුවෙන් ඕලන්ද කෞතුකාගාරය තාවකාලිකව වසාදමා තිබෙනවා.
ඕලන්ද කෞතුකාගාරය ස්ථාපිත කර ඇත්තේ ක්‍රිස්තු වර්ෂ 17වන සියවසට අයත් මහල් දෙකකින් සමන්විත ඕලන්ත ගොඩනැගිල්ලක බවයි ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව පැවසුවේ.
ඕලන්ද ආණ්ඩුකාරවරයකු වූ තෝමස් වෑන්රි විසින් තනන ලද මෙම ගොඩනැගිල්ල 1977 වසරේදී කෞතුකාගාරයක් ලෙස ස්ථාපිත කර තිබෙනවා.
මෙරට මුහුදුබඩ ප්‍රදේශ ඕලන්ද ජාතිකයින් විසින් පාලනය කළ සමයට අදාළ කෞතුක භාණ්ඩ 3,000ක් පමණ එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති බවද ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.