Friday, May 17, 2024

General line - 0115112241

ලොව ප්‍රධාන රටවල් 07ක් ගල් අගුරු බලාගාර වසා දැමීමට තීරණය කරයි




ලොව ප්‍රධාන රටවල්වලින් සමන්විත G7 කණ්ඩායම දේශගුණික විපර්යාස පාලන කිරීම සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දුවක් ගෙන තිබෙනවා.

ඒ, තම රටවල ඇති සියලු ගල් අගුරු බලාගාර 2035 වසර වන විට වසා දැමීමටයි.

දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් ගෝලීය වැඩපිළිවෙලක් සකස් කිරීමේ වැඩසටහන සාර්ථක කරගැනීම සඳහා සෙසු රටවල්ද පොලඹවා ගැනීම මෙහි ප්‍රධාන අරමුණක්. 

G7 කණ්ඩායමට කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, බි්‍රතාන්‍ය සහ අමෙරිකාව යන රටවල් අයත් වනවා.

මෙම රටවල් විදුලි උත්පාදනය සඳහා සියයට දහසයක්ම භාවිතා කරන්නේ ගල් අගුරු බලාගාරයි.

2023 වසරේ පමණක් ජපානය විදුලි උත්පාදනය සඳහා සියයට 32ක් ගල් අගුරු බලාගාර භාවිතා කොට තිබෙනවා.

ලොව වැඩි වශයෙන් වායු විමෝචනය කරන රටවල් අතරට චීනය සහ ඉන්දියාවද ඇතුළත්. පොසිල දහනය කරන තවත් ප්‍රධාන රටවල් වන්නේ සෞදි අරාබිය සහ රුසියාවයි.