Friday, May 17, 2024

General line - 0115112241

ජාත්‍යන්තර රොබෝටික්ස් තරඟාවලියේදී ශ්‍රී ලංකා සිසුන් 06කට සම්මාන

ටී.කේ.ජී.කපිල




තායිලන්තයේ පැවති ජාත්‍යන්තර රොබෝටික්ස් තරගාවලියක් වන “ඉන්ටර්නැශනල් ක්‍රියේටිවිටි ඇන්ඩ් ඉනොවේෂන් අවෝඩ්ස්” ^International Creativity and Innovation Awards) තරගාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළ ශ්‍රී ලාංකික සිසුන් 06 දෙනෙකුට සම්මාන හිමිව තිබෙනවා.

කොළඹ, බුර්හානි සෙරෙන්ඩිබ් විද්‍යාලය නියෝජනය කරන මෙම සිසුන් 06 දෙනාට ප්ලැටිනම් සහ රන් සම්මාන හිමිව තිබුණා.

ලෝකයේ රටවල් 24ක කණ්ඩායම් 400ක් නියෝජනය කරමින් තරගකරුවන් 1,000ක් පමණ මෙම තරඟාවලියට සිය නිර්මාණ ඉදිරිපත් කළා.

ශ්‍රී ලාංකික සිසුන් තිදෙනකු ඊට ඉදිරිපත් කළ ලැව් ගිනි හදුනාගෙන එහි පිහිටීම කඩිනමින් දැනුම් දෙන යන්ත්‍රයට ප්ලැටිනම් සම්මානය හිමිවී තිබෙනවා.

එමෙන්ම සාගරය වෙත ගොස් එහි අපද්‍රව්‍ය හදුනා ගෙන ඉවත් කිරීමේ යන්ත්‍රයට රන් සම්මානය හිමිවී තිබුණා.