Friday, May 17, 2024

General line - 0115112241

සංචිත බිලියන පහ ඉක්මවා යෑම රට ලැබූ ජයග්‍රහණයක්

තිසර සමල් සෝමරත්න




බංකොලොත් වී තිබූ මෙරට ආර්ථිකය යථා තත්ත්වයට පත් කර වසර දෙකක් තුළ මෙරට විදේශ සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන පහ ඉක්මවා යන තත්ත්වයකට පත් කර ගැනීම රට ලැබූ ජයග්‍රහණයක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

මාර්තු මාසය තුළදී පමණක් මෙරට සංචිත ප්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 715කින් වර්ධනය වී ඇති බවයි අමාත්‍යවරයා කියා සිටියේ.