Friday, May 17, 2024

General line - 0115112241

මැයි රැළිවලට මිලියන දහසකට වැඩි මුදලක් වැය කළ බවට අනාවරණයක්




ඊයේ දිනයේ පැවති මැයි දින රැළි සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේදි විවිධ අදහස් පළ වුණා.

සමගි ජනබලවේගයේ මැතිවරණ මෙහෙයුම් ප්‍රධානී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ පැවසුවේ ඊයේ දිනයේ පැවති සෙසු සියලු මැයි රැළිවල මාතෘකාව බවට පත්වූයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා බවයි. 


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසුවේ ඊයේ දිනයේදී සාර්ථකම මැයි රැළිය පැවැත්වූයේ සිය පක්ෂය බවයි. 


එක්සත් ජාතික පක්ෂය ඊයේ පැවැත්වූ මැයි දින රැළියේ සාර්ථකත්වය සම්බන්ධයෙන් එම පක්ෂයේ මහලේකම් පාලිත රංගේ බණ්ඩාර මෙලෙස අදහස් පළ කළා. 


ඊයේ දිනයේ පැවැත්වූ මැයි රැළි සඳහා රුපියල් මිලියන දහසකට අධික මුදලක් වැය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පැවසුවා.