Friday, May 17, 2024

General line - 0115112241

ඔන්ලයින් පනත යටතේ ජනක රත්නායකට පැවරූ නඩුවක් කල් යයි

උදය කුමාර




ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායකට අගතියක් වන ආකාරයෙන් ඔහුගේ පෞද්ගලික තොරතුරු අන්තර්ජාලයට මුදා හැරීම වළක්වාලමින්, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනත යටතේ නිකුත් කර ඇති ආඥාවට අදාළ නඩුව ජුනි මස 6 වනදා යළි කැඳවන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද නියම කළා.

ඒ, එම නඩුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ ඉදිරියේ කැඳවූ අවස්ථාවේදීයි.

එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ එම නඩුව ජුනි මස 6 වනදා යළි කැඳවන බවයි.

එදින මෙම නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව දැක්වෙන කරුණු දැක්වීමක් සිදුකිරීමට අපේක්ෂා කරන බව පැමිණිල්ලේ වග උත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සමාජ ක්‍රියාකාරිකයකු වන ඔෂල හේරත් ඇතුළු වග උත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණයට දැනුම් දී තිබෙනවා.