Saturday, May 18, 2024

General line - 0115112241

අයදුම් නොකළ විෂයක් ආ සා.පෙළ අපේක්ෂකයන්ට විසඳුම්




තමන් අයදුම් නොකළ විෂයක් සහිත ප්‍රවේශපතක් ලද, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින පෞද්ගලික අයදුම්කරුවන්ගේ ගැටළුව නිරාකරණය කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

එලෙස විභාගයට පෙනී සිටීමට නියමිත පෞද්ගලික අයදුම්කරුවන් දස දහසකට වැඩි පිරිසකට යොමුකළ අයදුම්පතේ  එලෙස සටහන්ව ඇති බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත් තාක්ෂණික කරුණක් හේතුවෙන් පැන නැගුණු එම ගැටළුව නිරාකරණය කළ බවත් ඒ සම්බන්ධයෙන් අදාළ පාසල්වලට දැනුම්දී ඇති බවත් විභාග දෙපාර්තමේන්තුව පැවසුවා.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 06වන දා ආරම්භ වීමට නියමිතයි. විභාගය සඳහා අයදුම්කරුවන් හාර ලක්ෂ පනස් දෙදහස් නවසිය හැත්තෑ දෙනෙකු පෙනී සිටීමට නියමිත බවද විභාග දෙපාර්තමේන්තුව පැවසුවා. 

මේ අතර විභාග මධ්‍යස්ථාන පවත්වාගෙන යන පාසල්වලින් සියයට 35කට ආසන්න ප්‍රමාණයක් ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන බවට හඳුනාගෙන ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ කියා සිටියේ.