Saturday, May 18, 2024

General line - 0115112241

කෑම මිල අඩු කරත් කිරි තේ මිල පහළ දැමිය නොහැකි හේතුව සංගමයක් පෙන්වා දෙයි




ආහාර වර්ග කිහිපයක මිල ගණන් පහළ දැමූවද කිරි තේ මිල පහළ දැමිය නොහැකි බව සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය පවසනවා.

එහි සභාපති හර්ෂණ රුක්ෂාන් පැවසුවේ ගෑස් මිල ගණන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පහළ දැමීම හේතුවෙන් කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් එකක මිල රුපියල් 20කින් අඩුකළ බවයි.

එමෙන්ම කෙටි ආහාරවල මිල ගණන්ද රුපියල් 10කින් අඩුකල බව ඔහු කියා සිටියා. කිරි තේ මිල පහළ දැමීමටනම් ආණ්ඩුව මැදිහත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.