Saturday, May 18, 2024

General line - 0115112241

අවාරේ ශ්‍රී පාද සංචාරය විදේශිකයින්ට පමණක් සීමා වෙයි

රංජිත් රාජපක්ෂ




ශ්‍රී පාද වන්දනා වාරය මේ මස 24 දිනයෙන් අවසන් විමෙන් පසු ශ්‍රී  පාදයේ සංචාරය කිරිමට පැමිණිමට විදේශිකයන් සඳහා පමණක් අවසර ලබාදෙන බව ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් පවසනවා.

අවාරයේ ශ්‍රී පාද සංචාරයේ යෙදෙන දේශීය සංචාරකයින් සිදු කරන අලාභ හානි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගත් බවයි උන්වහන්සේ පැවසුවේ. 


එමෙන්ම අවාරේ ශ්‍රී පාදයේ සංචාරයේ නිරත වන විදේශිකයන්ගෙන් මුදල් අය නොකළ යුතු බවද ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් කියා සිටියා.      


2023 -2024 වර්ෂය සදහා ශ්‍රී පාද වන්දනා වාරය ලබන 24 වනදායින් අවසන් කිරිම සම්බන්ධයෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ නිලධාරින් දැනුවත් කිරිම සදහා නල්ලතන්නිය ග්‍රාමසේවා කාර්යාලයේ පැවති දැනුවත් කිරිමේ වැඩසටහනකට එක්වෙමින් උන්වහන්සේ මෙම අදහස් පළ කළා.