Saturday, May 18, 2024

General line - 0115112241

මැතිවරණ පවත්වන්න කොමිසමට මුදල් දෙන්න සූදානම් බව රජය කියයි

නිහාල්සිරි ගම්ලත්




මැතිවරණ පැවැත්වීම සඳහා පසුගිය අයවැයෙන් වෙන්කළ රුපියල් බිලියන 10ක මුදල අවශ්‍ය ඕනෑම අවස්ථාවක ලබාදීමට සූදානම් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

ඒ අනුව පළමුව පැවැත්විය යුත්තේ ජනාධිපතිවරණය බව සිය පෞද්ගලික මතය බවයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.


පසුගිය කාලය පැවති අර්බුදය හේතුවෙන් කඩා වැටුණු මෙරට පාසල් අධ්‍යාපනයද ගොඩ නැගීමට හැකි වූ බවද මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පැවසුවා.

කිතුල්ගල ජාතික පාසලේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් මුදල් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.