Saturday, May 18, 2024

General line - 0115112241

අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

උදය කුමාර




සුරාබදු පනතේ රෙගුලාසිවලට පටහැනි ලෙස අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබෙනවා.

ශ්‍රී ලංකා බලපත්‍රලත් මත්පැන් හල් හිමියන්ගේ සංගමයේ සාමාජිකයින් දෙදෙනෙකු විසින් එම මූලික අයිතිවාසිකම් පෙත්සම ඉදිරිපත් කළ බවයි නෙත් නිවුස් අධිකරණ වාර්තාකරු පැවසුවේ.

එහි වගඋත්තරකරුවන් ලෙස මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, සුරාබදු කොමසාරිස් ජෙනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබෙනවා. 

පෙත්සම්කරුවන් කියා සිටින්නේ දේශපාලනික හේතූන් සහ බලපෑම් පදනම් කරගෙන සුරාබදු පනතේ විධිවිධානයන්ට පටහැනි ලෙස අලුතින් මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම සිදුවන බවයි.

නිසි නීතිමය පටිපාටිය අනුගමනය නොකොට විනිවිද භාවයකින් තොරව එම බලපත්‍ර නිකුත් කිරීම් සිදුවන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබෙනවා.

ඒ අනුව නව මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීමේ විධිමත්  ක්‍රියා පටිපාටියක් සකස් කරන ලෙස වගඋත්තරකරුවන් වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවන් නීතියට පටහැනි ලෙස අලුතින් මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.